WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අඅත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 3, 2026 · 1 min read
193 viewsf𝕏W
 මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අඅත්අඩංගුවට
දිවයිනේ ප්‍රදේශ දෙකක සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම, පන්නිපිටිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 120ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම ප්‍රදේශයේම කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360ක් සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. අත්අඩංගුවට ගත් දෙදෙනා වයස අවුරුදු 27 සහ 28 වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මේ අතර මරදාන, සියසෙත සෙවණ නිවාස සංකීර්ණය ආසන්නයේ සිදු කළ තවත් වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82 මිලිග්‍රෑම් 420ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 15,090ක මුදලක් සහ ජංගම දුරකතනයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු වයස අවුරුදු 40ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාලදිවයින් ජනපති අද දිවයිනට
Next
මහින්දට සහ පියංකරට අල්ලස් කොමිසමේ නොතිසි

More in Breaking News