Airbus ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා ලබන 12 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට නොතිසි නිකුත් කර තිබේ.
අදාළ ගනුදෙනුව පිළිබඳ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමේ කොටසක් ලෙස මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
එදින ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




