මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කර තිබේ.
එම නඩුව මහධිකරණ විනිසුරුවරුන් වන නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
දිගුකාලයක් පුරා අවධානයට ලක්ව තිබූ මෙම නඩුවේ අදාළ නඩු කටයුතු වේගවත් කිරීම සහ නියමිත පරිදි විභාගය ඉදිරියට ගෙන යාම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.




