WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණේ

I
Ishanka Jayasuriya
May 3, 2026 · 1 min read
201 viewsf𝕏W
 රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණේ
තෙදින නිල සංචාරයක් සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් රැගත් එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ.-288 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණ අද පෙරවරු 10.20ට කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇත.
පැමිණි පිරිස පිළිගැනීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ සිටියහ.
සංචාරය අතරතුර රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මීට අමතරව කොළඹ ජාතික රෝහල සහ වෛද්‍ය විද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක්වීමටද සැලසුම් කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක්
Next
සුමේධ රණසිංහට ආසියානු රිදී පදක්කමක්

More in Breaking News