WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මැයි මාසයට ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
184 viewsf𝕏W
මැයි මාසයට ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ
2026 මැයි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමත්, විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයත් තිබියදී පාරිභෝගිකයන්ට සහන සැලසීම මෙහි අරමුණ ලෙස සමාගම සඳහන් කරයි.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයට අදාළව දැනට පවතින මිල ගණන් පහත පරිදි යථාවත් පවතිනු ඇත:
කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය – රු. 4,765
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය – රු. 1,910
කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය – රු. 890
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කොටස් වෙළදපොළ ඉහළට
Next
ජපාන ආරක්ෂක ඇමති ආසියාවේ සංචාරයක

More in Breaking News