WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජපාන ආරක්ෂක ඇමති ආසියාවේ සංචාරයක

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
174 viewsf𝕏W
ජපාන  ආරක්ෂක ඇමති ආසියාවේ සංචාරයක
ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි මෙම සතියේ ගිනිකොනදිග ආසියානු රටවල් කිහිපයක ආරක්ෂක සහයෝගීතා ශක්තිමත් කිරීමේ අරමුණින් සංචාරයක නිරත වේ.
ඒ අනුව ඔහු ඉන්දුනීසියාව සහ පිලිපීනය වෙත ගොස් දෙරට සමඟ ආරක්ෂක සහයෝගීතා වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. පසුගිය මාසයේ ජපානය මාරාන්තික ආයුධ අපනයන තහනම ඉවත් කිරීමෙන් පසුව මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.
ඉන්දුනීසියාවේදී ඔහු එරට ආරක්ෂක අමාත්‍ය ස්ජැෆ්රි ජම්සුදීන් සමඟ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමටද කටයුතු කර ඇත.
ඉන්පසු ඔහු පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත අතර, එහිදී එක්සත් ජනපද හමුදා සමඟ පැවැත්වෙන Balikatan යුද අභ්‍යාසයට ජපාන හමුදා ද එක්වී සිටී.
මෙම නව ආරක්ෂක ප්‍රතිපත්තිය යටතේ ජපානයට දැන් හවුල්කරුවන් 17 දෙනෙකුට ආයුධ සැපයීමට හැකියාව ලැබී ඇති අතර, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය අනුගමනය කළ සාමකාමී ප්‍රතිපත්තියේ වැදගත් වෙනසක් ලෙස සැලකේ.
නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ චීනයේ සමුද්‍රීය ක්‍රියාකාරකම් සහ දූපත් ආරවුල් හමුවේ ජපානය ගිනිකොනදිග ආසියානු රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කරමින් කලාපීය බලසමතුලිතතාවය ඉහළ නංවමින් සිටින බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මැයි මාසයට ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ
Next
කථානායක – මාලදිවයින් ජනාධිපති හමුවක්

More in Breaking News