WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කථානායක – මාලදිවයින් ජනාධිපති හමුවක්

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
163 viewsf𝕏W
 කථානායක – මාලදිවයින් ජනාධිපති හමුවක්
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ හමුවක් පසුගියදා පැවැත්විණි.
ඒ අනුව, ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා, මොහොමඩ් මුයිසු මහතා හමුවිය.
මෙම හමුව හිල්ටන් කොළඹ හිදී පැවැත්වුණු අතර, මාලදිවයින් ජනාධිපතිවරයා සහ ඔහුගේ දූත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව සාකච්ඡා ආරම්භ විය.
මෙහිදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 60 වන සංවත්සරය සිහිපත් කරමින්, ඉතිහාසික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ.
පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වය, ආර්ථික සහයෝගීතාව, ඩිජිටල් පරිවර්තනය, යහපාලනය සහ කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජපාන ආරක්ෂක ඇමති ආසියාවේ සංචාරයක
Next
හෝර්මුස් ගැටුම තවත් උණුසුම් වෙයි

More in Breaking News