WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකරයි

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
185 viewsf𝕏W
 කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකරයි
ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධ අල්ලස් චෝදනාවකට අදාළව හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැබීමට මුදල් ලබාගෙන ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු මැයි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයෙ නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනෙකි.
අධිකරණයේදී පොලීසිය පැවසුවේ, කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව, ඔහු හඳුනාගැනීමකින් තොරව රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවයි.
තවද, ඇප පනතේ විධිවිධාන අනුව සැකකරු අවශ්‍ය අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට හැකියාවක් නොමැති බවත්, ඔවුන් සහ සැකකරු අතර සෘජු සම්බන්ධතාවයක් නොමැති බවත් අධිකරණයට දැනුම් දී තිබේ.
පොලීසිය සඳහන් කළේ, අධිකරණ නිලධාරීන් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
පසුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී, “දේවා” සහ “තිස්ස” නමැති පුද්ගලයින්ගේ ඉල්ලීමකට අනුව ඇප තැබීමට ඉදිරිපත් වූ බවත්, ඒ වෙනුවෙන් මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය 1997 අංක 30 දරණ ඇප පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය අධිකරණයට සඳහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරුවන් මැයි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝර්මුස් ගැටුම තවත් උණුසුම් වෙයි
Next
අන්තර්ජාල වංචාවට සම්බන්ධව විදේශිකයන් බන්ධනාගාර ගතකරයි

More in Breaking News