WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අන්තර්ජාල වංචාවට සම්බන්ධව විදේශිකයන් බන්ධනාගාර ගතකරයි

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
202 viewsf𝕏W
අන්තර්ජාල  වංචාවට සම්බන්ධව විදේශිකයන් බන්ධනාගාර ගතකරයි
අන්තර්ජාල මුදල් වංචාවකට සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 120 දෙනා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
මෙම සැකකරුවන් රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක දැඩි ආරක්ෂාව යටතේ අන්තර්ජාල වංචා ක්‍රියාකාරකම්වල නිරතව සිටියදී පසුගිය 2 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
ඊයෙ නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමින් යුත් මුදල් හා පරිගණක උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.
වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා අධිකරණයට පැවසුවේ, මෙම සැකකරුවන් මහා භාණ්ඩාගාරයේ සිදු වූ මූල්‍ය වංචාවකට සම්බන්ධ විය හැකි බවට සැකයක් ඇති බවයි.
එමෙන්ම රටවල් පහකට අධික විදේශකයින් සම්බන්ධ මෙම ජාලය පිළිබඳ පුළුල් හා සංකීර්ණ විමර්ශනයක් අවශ්‍ය බවද පොලීසිය පෙන්වා දුන්නේය.
සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු සංකීර්ණ බව සලකා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරමින්, විමර්ශන ප්‍රගතිය ලබන 15 දින අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකරයි
Next
ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

More in Breaking News