WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
218 viewsf𝕏W
ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වූ පුවත් නාලිකාව වන CNN ආරම්භ කරමින් රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 87 වැනි වියේ පසුවිය.
ඔහියෝ ප්‍රාන්තයේ උපත ලැබූ ටර්නර්, ඇට්ලන්ටා නගරයේ ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර, තම අදහස් නොපැකිළිව ප්‍රකාශ කිරීම හේතුවෙන් “The Mouth of the South” යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වුණි.
CNN සමඟින් පමණක් නොව, කේබල් රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රථම “සුපර් ස්ටේෂන්” එක නිර්මාණය කිරීම, චිත්‍රපට හා කාටුන් නාලිකා සංවර්ධනය කිරීම සහ Atlanta Braves වැනි ක්‍රීඩා කණ්ඩායම් ඇතුළත් මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනැගීම හරහාද ඔහු විශාල බලපෑමක් සිදු කළේය.
එමෙන්ම, ජාත්‍යන්තර මට්ටමේ යාත්‍රා පදවන්නෙකු වූ ටර්නර්, United Nations Foundation ආරම්භ කළ පරාර්ථකාමියෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
න්‍යෂ්ටික අවි තුරන් කිරීම සහ ගෝලීය සාමය වෙනුවෙන්ද ඔහු සක්‍රීයව කටයුතු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අන්තර්ජාල වංචාවට සම්බන්ධව විදේශිකයන් බන්ධනාගාර ගතකරයි
Next
වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද දිවයිනට

More in World