ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද (07) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින වියට්නාම ජනාධිපතිවරයා එම සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන බව සඳහන්.
හෙට දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඔහුගේ සංචාරයත් සමඟ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර තිබේ.




