හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ආරක්ෂිත ගමන් පහසුකම් සැපයීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළ “Project Freedom” මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අමෙරිකානු නිලධාරීන් පවසන්නේ, ගල්ෆ් කලාපයේ ප්‍රමුඛ මිත්‍ර රටක් අමෙරිකානු හමුදාවට තම කඳවුරු සහ ගුවන් සීමාව භාවිත කිරීමට ලබා දී තිබූ අවසරය හදිසියේ අත්හිටුවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම මෙහෙයුම පිළිබඳ ට්‍රම්ප් විසින් පසුගිය ඉරිදා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශය සවුදි අරාබිය ඇතුළු ගල්ෆ් මිත්‍ර රටවල් අප්‍රසාදයට පත් කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව, රියාද් නගරයට ගිනිකොන දෙසින් පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර භාවිත කිරීම හෝ සවුදි ගුවන් සීමාව හරහා මෙහෙයුම් සිදු කිරීම සඳහා අමෙරිකාවට අවසර නොදෙන බව සවුදි රජය දැනුම් දී තිබෙනවා.
ට්‍රම්ප් සහ සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර පැවති දුරකථන සාකච්ඡාවෙන්ද ගැටලුවට විසඳුමක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ගුවන් සීමා ප්‍රවේශය යළි ලබාගැනීමේ අරමුණින් “Project Freedom” මෙහෙයුම කෙටි කාලයකට නවතා දැමීමට ට්‍රම්ප්ට සිදුව ඇති බව සඳහන්.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියට පනවා ඇති අවහිරතා බිඳ දැමීමේ අරමුණින් මෙම මෙහෙයුම ආරම්භ කර තිබූ අතර, අමෙරිකානු හමුදාව නෞකාවලට ආරක්ෂාව සපයමින් ඒවා පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කර තිබුණා.
මෙහෙයුම නතර කිරීමට පෙර අමෙරිකානු ධජය යටතේ යාත්‍රා කළ නෞකා දෙකක් ආරක්ෂිතව සමුද්‍ර සන්ධිය පසුකර ඇති බවද වාර්තා වේ.
මේ අතර, පවතින යුද්ධය අවසන් කිරීම සඳහා පාකිස්ථානය ගෙන යන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන්ට සවුදි අරාබිය සහාය දක්වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, සාම ගිවිසුමකට අවස්ථාවක් ඇතිදැයි සොයා බැලීම සඳහා මෙම මෙහෙයුම තාවකාලිකව අත්හිටුවූ බව




