WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්

I
Ishanka Jayasuriya
May 7, 2026 · 1 min read
158 viewsf𝕏W
කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ ගතවූ වසර තුන තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 12,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

අද (07) පාර්ලිමේන්තුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2023 සිට 2025 දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලි අතරින් 2,300කට ආසන්න සංඛ්‍යාවක් විසඳා ඇති බවය.

ඒ අනුව, 2023 වසරේදී ලැබුණු පැමිණිලි 4,103 අතුරින් 753ක් විසඳා ඇති අතර, තවත් පැමිණිලි 3,348ක් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු පැවසීය.

2024 වසරේදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 3,159ක් ලැබී ඇති අතර, ඉන් 982ක් විසඳා තිබෙනවා. අනෙක් පැමිණිලි 2,177 සම්බන්ධයෙන්ද විමර්ශන සහ නඩු පැවරීම් සිදුකරන බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

එමෙන්ම, 2025 වසරේදී මෙවැනි පැමිණිලි 4,742ක් ලැබී ඇති බවත්, ඉන් 572ක් විසඳා ඇති අතර, ඉතිරි පැමිණිලි 4,170 සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීමට නියමිත බවත් ආනන්ද විජේපාල වැඩිදුරටත් සඳහන් කළේය.

Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වෙයි
Next
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුකාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

More in Breaking News