WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුකාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

I
Ishanka Jayasuriya
May 7, 2026 · 1 min read
154 viewsf𝕏W
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුකාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන සභාවාරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් ප්‍රතිපත්තිමය කරුණු රැසක් සාකච්ඡා කෙරුණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මෙතෙක් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ අතර, ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල සම්පාදනය, ගුරු මාර්ගෝපදේශ සැකසීම සහ පාසල්වල ඩිජිටල් හා යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ තොරතුරුද එහිදී ඉදිරිපත් කෙරුණා.
අදහස් දක්වමින් හරිනි අමරසූරිය සඳහන් කළේ, පළමු ශ්‍රේණිය සඳහා ආරම්භ කළ ප්‍රතිසංස්කරණ අධීක්ෂණයට ගුරු උපදේශකවරුන්ද සම්බන්ධ කළ යුතු බවයි.
එමෙන්ම, සිසුන්ගේ දැනුම හා කුසලතා මැන බැලීම සඳහා නිශ්චිත මිනුම් ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, විෂය අනුව විශේෂඥ පාර්ශ්වයන්ගේ සහාය ලබාගැනීමෙන් මොඩියුල සමාලෝචන ක්‍රියාවලිය වඩාත් ඵලදායී කළ හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවන වෙනස්කම් සහ ඒවායේ ප්‍රතිලාභ පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්
Next
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්න වරෙන්තු

More in Breaking News