කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.
ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවට අල්ලස් කොමිසම ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය ලබා දී තිබෙනවා.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන පසුගිය 5 වැනිදා ඇප මත මුදාහැර තිබුණා.
එහිදී ඔහුට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කර තිබූ අතර, අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ ශරීර ඇප සඳහා නියමිත කොන්දේසි උල්ලංඝනය කරමින් පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් 15,000 බැගින් ගෙවා ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව, ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් සැකකරුගේ ඇප අවලංගු කර නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.




