දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම් ජනාධිපති ටෝ ලම් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (07) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
209 දෙනෙකුගෙන් සමන්විත එම දූත පිරිස, වියට්නාම් ගුවන් සේවයට අයත් VN-1 ගුවන් යානයෙන් මුම්බායි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජනාධිපති ටෝ ලම් මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි අතර, එම සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණ ඇත.
මෙම නිල සංචාරය අතරතුර වියට්නාම් ජනාධිපතිවරයා අද (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.




