WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

Apple ඩොලර් මිලියන 250ක් ගෙවීමට එකඟ වෙයි

I
Ishanka Jayasuriya
May 7, 2026 · 1 min read
224 viewsf𝕏W
Apple ඩොලර් මිලියන 250ක් ගෙවීමට එකඟ වෙයි
Siri හඬ සහායකයට කෘත්‍රිම බුද්ධි (AI) යාවත්කාලීන කිරීම් ප්‍රමාද කිරීම හේතුවෙන් ගොනු කර තිබූ නඩුවක් සමථයකට පත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ වී තිබේ.
2024 වසරේදී පීටර් ලෑන්ඩ්ෂෙෆ්ට් විසින් කැලිෆෝනියාවේ ෆෙඩරල් අධිකරණයක මෙම නඩුව ගොනු කර තිබුණේ, Apple සමාගම විසින් 2024 වාර්ෂික සංවර්ධක සමුළුවේදී ප්‍රකාශ කළ AI විශේෂාංග එදින නිකුත් කළ නව iPhone දුරකථන සමඟ ලබා නොදීම හේතුවෙනි.
සමාගම එම AI විශේෂාංග පිළිබඳව විශාල ප්‍රචාරණ කටයුතු සිදු කළද, දුරකථන වෙළෙඳපොළට නිකුත් කරන අවස්ථාවේදී ඒවා ඇතුළත් නොවූ බව පැමිණිලිකරුවන් පෙන්වා දී ඇත.
පසුව 2025 වසරේදී Apple සමාගම ප්‍රකාශ කර ඇත්තේ Siri හි AI නවීකරණය එම වසරේදී සිදු නොවන බවය. එමෙන්ම, ඉදිරියේදී පැවැත්වෙන සංවර්ධක සමුළුවේදී නව විශේෂාංග ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම එකඟතාවය තුළ Apple සමාගම කිසිදු වරදක් පිළිගෙන නොමැති අතර, එය ක්‍රියාත්මක වීමට අධිකරණ අනුමැතිය අවශ්‍ය වේ.
සමාගම ප්‍රකාශ කර ඇත්තේ, පරිශීලකයින්ට නව්‍ය තාක්ෂණික සේවා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම නඩුව සමථයකට පත් කළ බවය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
MV Hondius නෞකාවේ තවත් තුන්දෙනෙකු ඉවත් කරයි
Next
වියට්නාම් ජනාධිපති දිවයිනට

More in World