හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව උණුසුම් ආරක්ෂක තත්ත්වයක් මතුව ඇති අතර, අමෙරිකානු යුද නෞකා කිහිපයක් ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කළ බව අමෙරිකාව චෝදනා කර තිබේ.
විදෙස් වාර්තා අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන අමෙරිකානු ප්‍රහාරක නෞකා ඉලක්ක කර මිසයිල, ඩ්‍රෝන සහ කුඩා ප්‍රහාරක යාත්‍රා භාවිතයෙන් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.
එම ප්‍රහාරවලින් තම යුද නෞකාවලට කිසිදු හානියක් සිදුව නොමැති බව අමෙරිකානු හමුදාව පවසන අතර, ‘ආත්ම ආරක්ෂාව’ උදෙසා ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රතිප්‍රහාර දියත් කළ බවද සඳහන් කරයි.
අමෙරිකානු හමුදා ප්‍රකාශයට අනුව, ඉරාන මිසයිල හා ඩ්‍රෝන දියත් කිරීමේ මධ්‍යස්ථාන, අණදෙන හා පාලන ඒකක සහ බුද්ධි තොරතුරු මෙහෙයුම් පහසුකම් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කර තිබේ.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ තම තෙල් නෞකාවක් සහ තවත් යාත්‍රාවකට ප්‍රහාර එල්ල වූ බව ඉරානය මීට පෙර චෝදනා කර තිබූ අතර, අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කරමින් සිවිල් ප්‍රදේශද ඉලක්ක කර ඇති බවද පවසා ඇත.
Qeshm Island සහ Bandar Abbas ආසන්න වෙරළබඩ ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් හා වෙඩි හුවමාරු වාර්තා වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ කලාපයේ උණුසුම් තත්ත්වය පැවතියද පාර්ශවයන් අතර සටන් විරාමය තවදුරටත් බලපැවැත්වෙන බවයි.




