WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හිඟ බිලියන 10ක් නිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අනතුරු ඇඟවීමක්

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
173 viewsf𝕏W
හිඟ බිලියන 10ක් නිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අනතුරු ඇඟවීමක්
පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 10කට අධික හිඟ මුදල් මෙතෙක් නොගෙවීම හේතුවෙන් එම කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.
පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය (FRED) සඳහන් කරන්නේ, 2025 දෙසැම්බර් මාසයේ සිට ජාතික පද්ධතියට සැපයූ විදුලිය සඳහා ගෙවීම් අත්හිටුවා ඇති බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, මසකට රුපියල් බිලියන 2.5ක පමණ ගෙවීම් හිඟ වන අතර, මේ වසරේ අප්‍රේල් වන විට සමස්ත හිඟ මුදල රුපියල් බිලියන 10 ඉක්මවා ඇති බවය.
FRED සභාපති මංජුල පෙරේරා පවසා ඇත්තේ, ගල් අඟුරු බලශක්ති හිඟය පියවීම සඳහා අධික පිරිවැය සහිත ඩීසල් හා දැවි තෙල් මගින් විදුලි උත්පාදනයට ප්‍රමුඛතාව ලබාදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) සතුව හිඟ මුදල් පියවීමට ප්‍රමාණවත් මුදල් නොමැති බැවින්, කර්මාන්තය රැක ගැනීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බවය.
දෙසැම්බර් මාසයේ සිට ගල් අඟුරු බලාගාරවල කාර්යක්ෂමතාව අඩුවීම හේතුවෙන් දිනකට මෙගාවොට් 100ත් 150ත් අතර විදුලි හිඟයක් පවතින බවත්, එය පියවීමට තාප බලශක්තිය භාවිත කරන බවත් වාර්තා වේ.
එමෙන්ම, ගෝලීය භූ දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් තාප බලශක්ති උත්පාදන පිරිවැය විදුලි ඒකකයකට රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් විදුලි ඒකකයක් රුපියල් 19කටත් අඩු මුදලකට සපයන බවද FRED පෙන්වා දෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝමුස් උණුසුම් වෙයි : ඉරාන - අමෙරිකා ප්‍රතිප්‍රහාර
Next
හිටපු ශ්‍රීලන්කන් විධායක නිලධාරි සියදිවි හානිකරගනි

More in Breaking News