WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට පොහොර පරිත්‍යාගයක්

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
144 viewsf𝕏W
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට පොහොර පරිත්‍යාගයක්
වියට්නාම රජය විසින් ශ්‍රී ලංකාවට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කිරීමෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව විසින් කළ පොහොර ඉල්ලීමට වියට්නාම රජය ධනාත්මක ප්‍රතිචාර ලබාදුන් බවයි.
වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් බවද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම, වියට්නාමය අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේ සංකේතයක් මෙන්ම ආර්ථික පරිවර්තනයේ ජීවමාන උදාහරණයක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.
දෙරට අතර සබඳතා “විස්තීරණ හවුල්කාරීත්වයක්” දක්වා ඉහළ නැංවීමට එකඟතාවකට පැමිණි බවත්, 2030 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම දෙරටේ ඉලක්කය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රාජාංගනේ සද්ධාරතන හිමි CID අත්අඩංගුවට
Next
වන්දි ගෙවීම් නඩුවේ ගෝඨාභයට යළි නොතීසි

More in Breaking News