WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

යෝෂිත රාජපක්ෂ නඩුවේ නියෝගය 14දා

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
209 viewsf𝕏W
යෝෂිත රාජපක්ෂ නඩුවේ නියෝගය 14දා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය එළැඹෙන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (08) දැනුම් දුන්නේය.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරිණි.
යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, “කුමන්ත්‍රණය” යන චෝදනාවට අදාළව විත්තිකාරියක ලෙස නම්කර සිටි ඩේසි ෆොරස්ට් මහත්මිය නඩුවෙන් නිදහස් කර ඇති බැවින් එම චෝදනාව තම සේවාදායකයාට එරෙහිව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි.
ඒ සම්බන්ධ මූලික විරෝධතා හා ලේඛනද විත්තිය විසින් අධිකරණයට භාරදී තිබේ.
කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඩේසි ෆොරස්ට් මහත්මිය නඩුවෙන් මුදාහැර ඇත්තේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් බවත්, එය විත්තිය මතුකරන කරුණට අදාළ නොවන බවත්ය.
ඒ අනුව, නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා ඉදිරිපත් කිරීමටත්, විත්තියේ ප්‍රතිචාරය අඟහරුවාදා ඉදිරිපත් කිරීමටත් නියම කළ විනිසුරුවරයා, මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වන්දි ගෙවීම් නඩුවේ ගෝඨාභයට යළි නොතීසි
Next
උදය ගම්මන්පිලගේ නඩුව ජුනි 11ට කල්යයි

More in Breaking News