ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව ජුනි මස 11 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ අද කැඳවූ අතර, එහිදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබාදුන්නේය.
ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය ජුනි 11 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.
ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නමැති ව්‍යාපාරිකයාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් සාපරාධී පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණි.




