කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එම මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසමේ නිලධාරීන් පවසනවා.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහනගර සභාවට තේරී පත්වූ ඔහු, පසුව බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට සහාය ලබාදීමෙන් අනතුරුව නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්ව තිබුණා.




