WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හරිනි - ටෝ ලාම් ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
182 viewsf𝕏W
හරිනි - ටෝ ලාම් ද්විපාර්ශ්වික  සාකච්ඡාවක්
වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (08) කොළඹදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 56ක් සපිරෙන අවස්ථාවේ සිදුවන මෙම සංචාරය දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සහ විශ්වාසය තවදුරටත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙහිදී සඳහන් කළාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳවද ඇය වියට්නාම ජනාධිපතිවරයාට කෘතඥතාව පළ කළාය.
සාකච්ඡාව අතරතුර දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා වර්ධනය කිරීම මෙන්ම බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද විශේෂ අවධානය යොමුවී තිබුණා.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්ද එක්ව සිටියා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කුරුණෑගල නි. නගරාධිපති අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
Next
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

More in Breaking News