WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
186 viewsf𝕏W
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා - වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදය අද (08) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා.
වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව පැවති මෙම සංසදයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද එක්ව සිටියා.
දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා පුළුල් කිරීම, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වී තිබුණා.
සංසදය අතරතුර කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව ද නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, එය Vietnam Airlines සහ VietJet Air මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙහිදී දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් හයකටද අත්සන් තැබුණා.
එමෙන්ම ලංකා වාණිජ මණ්ඩලය යටතේ ශ්‍රී ලංකා - වියට්නාම් ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීමද මෙම සංසදයේ විශේෂ අවස්ථාවක් වුණා.
සංසදයට ශ්‍රී ලංකාව සහ වියට්නාමය නියෝජනය කරමින් අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයන් සහ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හරිනි - ටෝ ලාම් ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
Next
වියට්නාම් ජනාධිපති ඇතළු දූත පිරිස දිවයිනෙන් පිටවයයි

More in Breaking News