WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වියට්නාම් ජනාධිපති ඇතළු දූත පිරිස දිවයිනෙන් පිටවයයි

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
207 viewsf𝕏W
වියට්නාම් ජනාධිපති ඇතළු දූත පිරිස දිවයිනෙන් පිටවයයි
වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා ඇතුළු දූත පිරිස සිය ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටව ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරටට පැමිණි මෙම සංචාරය, දෙරට අතර මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාවට ප්‍රතිලාභ රැසක් උදා කර දුන් බව සඳහන් වේ.
වසර 15කට පසුව වියට්නාම් ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ විශේෂ අවස්ථාවක් ලෙසද මෙය සැලකේ.
දූත පිරිසට සමුදීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි
Next
ඉන්දුනීසියාවේ ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වීමෙන් කඳු තරණකරුවන් 3ක් මරුට

More in Breaking News