WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉන්දුනීසියාවේ ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වීමෙන් කඳු තරණකරුවන් 3ක් මරුට

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
217 viewsf𝕏W
ඉන්දුනීසියාවේ ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වීමෙන් කඳු තරණකරුවන් 3ක් මරුට
ඉන්දුනීසියාවේ උතුරු මලුකු ප්‍රදේශයේ පිහිටි ‘ඩුකෝනෝ’ ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් කඳු තරණකරුවන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (08) පෙරවරුවේ මෙම ගිනි කන්ද හදිසියේ සක්‍රිය වීමත් සමඟ එම ප්‍රදේශයේ කඳු තරණය කරමින් සිටි 20කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇත.
සහන සේවා කණ්ඩායම් මගින් මේ වනවිට තුවාල ලැබූ 15දෙනෙකු මුදාගෙන රෝහල්ගත කර ඇති අතර, මියගිය සංඛ්‍යාව තිදෙනෙකු ලෙස තහවුරු කර තිබේ.
අදාළ පිරිස අතර සිංගප්පූරු ජාතිකයින් 09දෙනෙකුද සිට ඇති බව වාර්තා වේ.
ගිනි කන්ද සක්‍රිය වීම සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා කඳු තරණය කළ පිරිස මෙලෙස අවදානමට ලක්ව ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
සංචාරකයන් අතර ජනප්‍රිය ඩුකෝනෝ ගිනි කන්ද ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රිය ගිනි කඳු අතරින් එකක් ලෙස සැලකේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වියට්නාම් ජනාධිපති ඇතළු දූත පිරිස දිවයිනෙන් පිටවයයි
Next
චෙම්මනි–සිත්තුපත්ති සමූහ මිනීවළෙන් මිනිස් අස්ථි 260ක් හමුවෙයි

More in World