2026 වසරේ දෙවන කාර්තුවට අදාළ විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ විදුලිය උත්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන්, සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 8 සිට සියයට 14.4 දක්වා ඉහළ දැමීමට පසුගියදා අනුමැතිය ලබාදී ඇති අතර, එය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටද තීරණය කර තිබේ.
මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ වාචික සැසියද පසුගියදා අවසන් වූ අතර, බාල ගල්අඟුරු භාවිතයෙන් සිදුවූ අලාභයන් විදුලි ගාස්තුවට එකතු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම්දී ඇත.




