ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) පැවැත්වීමට නියමිතය.
කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරන ලද පස්දෙනෙකුගෙන් සමන්විත අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් මගින් පරීක්ෂණය සිදුකරන ලෙස නියෝග කර තිබේ.
එම පරීක්ෂණයේ වාර්තාව ලබන 12 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කර ඇති බව සඳහන්ය.
කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර ඊයේ (08) උදෑසන කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ පිහිටි නිවසක තිබී සොයාගෙන තිබුණි.




