WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අයහපත් කාලගුණය හේතුවෙන් ජලාශ 3ක වාන් දොරටු විවෘත කෙරේ

I
Ishanka Jayasuriya
May 9, 2026 · 1 min read
164 viewsf𝕏W
අයහපත් කාලගුණය හේතුවෙන් ජලාශ 3ක වාන් දොරටු විවෘත කෙරේ
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර සහ රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (09) පෙරවරුවේ සිට විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 3 බැගින් විවෘත කර ඇති අතර, එමගින් තත්පරයට ඝන අඩි 8,400ක ජල ප්‍රමාණයක් මුදාහරින බව සඳහන්ය.
ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර, ඉන් දොරටු 2ක් අඩි 4 බැගින් සහ අනෙක් දොරටු 4ක් අඩි 8 බැගින් විවෘත කර තිබේ. එමඟින් තත්පරයට ඝන අඩි 2,915ක ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට මුදාහැරෙන බව වාර්තා වේ.
එමෙන්ම රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර, දොරටු 4ක් අඩි 2 බැගින් සහ අනෙක් දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කර තිබේ. එමඟින් තත්පරයට ඝන අඩි 4,542ක ජල ප්‍රමාණයක් මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද
Next
යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්

More in Breaking News