යාපනය ශික්ෂණ රෝහලේ අද (09) අලුයම් කාලයේදී හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ගින්න හටගෙන ඇත්තේ රෝහලේ ඖෂධ ගබඩාව තුළ බව සඳහන්ය.
ගින්න මැඩපැවැත්වීම සඳහා යාපනය මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, රෝහල් සේවකයින්, ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව දැඩි මෙහෙයුමක් දියත් කර තිබුණි.
කෙසේවෙතත් ගින්නට හේතුව සහ සිදුවූ අලාභ හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වේ




