WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඉතාලි පොලිස් ඉහළ නිලයක් දිනූ ලාංකික දියණියක්

I
Ishanka Jayasuriya
May 9, 2026 · 1 min read
211 viewsf𝕏W
ඉතාලි පොලිස් ඉහළ නිලයක් දිනූ ලාංකික දියණියක්
ඉතාලියේ කැරිබිනේරි පොලිස් සේවයේ ඉහළ නිලයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස භාග්‍යා ෆ්‍රැන්චෙස්කා මහත්මිය වාර්තාවක් තබා තිබේ.
වාණිජවේදය පිළිබඳ උපාධියක් හිමි ඇය භාෂා කිහිපයක දක්ෂතාව ලබා ඇති අතර, විදේශයක ජීවත් වුවද සිංහල භාෂාව ඉතා හොඳින් භාවිත කිරීමද කැපී පෙනෙන විශේෂත්වයකි.
ඇයට හිමිවූ “මරේෂල්ලෝ” නිලය ඉතාලි පොලිස් සේවයේ ඉහළ වගකීම් සහිත තනතුරක් ලෙස සැලකෙයි.
වයස අවුරුදු 23ක් වැනි තරුණ වියේදී මෙම ජයග්‍රහණය ලබා ගැනීම ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් වන අතර, ඉදිරියේදී ඉතාලි පොලිස් සේවයේ තවත් ඉහළ තනතුරු කරා යාමට ඇයට අවස්ථාව උදාවී ඇති බවද සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්
Next
කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති අද අධිකරණයට

More in Breaking News