අල්ලස් ලබාගැනීමට තැත් කළේ යැයි චෝදනා එල්ලවී අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයුනුදීන් අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (08) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බව වාර්තා වේ.
අෂාර්ඩීන් මොයුනුදීන් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ අතර, පසුව බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට සහාය පළකර තිබුණි.




