2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් ඇති ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කෙසේවෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා කිසිදු ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් ඇතිවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, රජය රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට ලිඛිතව එකඟ වී ඇති බවද වාර්තා වේ.
ඒ අනුව විදුලි ගාස්තු වැඩිවීම බලපාන්නේ සමස්ත පාරිභෝගිකයන්ගෙන් සියයට 5කට පමණක් වන අතර, 95%කට මෙම සංශෝධනය අදාළ නොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
මෙම නව ගාස්තු සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද සඳහන්ය.
ගාස්තු සංශෝධනය අදාළ වන ආකාරය
ගෘහස්ථ ඒකක 0 – 180 : වැඩිවීමක් නැහැ
ඒකක 180ට වැඩි ගෘහස්ථ පාරිභෝගිකයන් : 18% වැඩිවීම
GP1 ඒකක 180ට අඩු කාණ්ඩ : වැඩිවීමක් නැහැ
GP2 / GP3 කාණ්ඩ : 18% වැඩිවීම
සියලු රාජ්‍ය ආයතන : 18% වැඩිවීම
හෝටල් H1 / H2 සාමාන්‍ය පරිභෝජනය : වැඩිවීමක් නැහැ
වැඩි පරිභෝජනයක් ඇති හෝටල් : 18% වැඩිවීම
සුළු හා මධ්‍යම කර්මාන්ත : වැඩිවීමක් නැහැ
විශාල කර්මාන්ත : 18% වැඩිවීම
පූජනීය ස්ථාන ඒකක 180ට අඩු : වැඩිවීමක් නැහැ
ඒකක 180ට වැඩි පූජනීය ස්ථාන : 18%




