WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

I
Ishanka Jayasuriya
May 9, 2026 · 1 min read
177 viewsf𝕏W
මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව එළැඹෙන 12 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් දී ඇති අතර, එම ලිපිය අද (09) තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට භාරදී ඇති බව වාර්තා වේ.
2013 වසරේදී SriLankan Airlines සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගෙන ඇති බවට එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.
විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණේ, ලැබුණු මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න  මහතාට සහ රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇති බවය.
කෙසේවෙතත්, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් තර්ජනය කරමින් එම ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කුරුණෑගල නි. නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට
Next
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර ඇත්තන් පත් කෙරේ

More in Breaking News