රතුගල නව ආදිවාසී නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර තිබේ.
ඔහු මියගිය රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා වන අතර, පියාගේ අභාවයෙන් අනතුරුව එම නායකත්වය ඔහුට භාරදී ඇත.
අසනීප තත්ත්වයෙන් පසු වූ සුදාවන්නිල ඇත්තන් පසුගියදා අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු චාරිත්‍රානුකූලව අද (09) රතුගල ප්‍රදේශයේදී සිදු කෙරිණි.
එහිදී සුදාවන්නිල ඇත්තන් ජීවත්ව සිටි ඉඩමේම දේහය භූමදානය කරනු ලැබීය.
භූමදානයට පෙර, දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො විසින් සුදාවන්නිල ඇත්තන් භාවිත කළ දුන්න සහ කෙටේරිය නව නායක නිශාන්ත කුමාර ඇත්තන් වෙත භාරදීමද සිදු විය.




