WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉදිරියේදී

I
Ishanka Jayasuriya
May 9, 2026 · 1 min read
186 viewsf𝕏W
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉදිරියේදී
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, අදාළ රසායනාගාර වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ලබාදීමට නියමිත බවය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු වූ කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ (08) උදෑසන සොයාගෙන තිබුණි.
ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි සැක කෙරෙන මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇත.
මේ අතර, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගය අනුව කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත් කර තිබුණි.
ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී සිදුකර ඇති අතර, එහිදී රසායනික පරීක්ෂණ සඳහා අවශ්‍ය සිරුරු කොටස් ලබාගෙන ඇත.
2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනා නඩුවක් හේතුවෙන් කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, ඉකුත් මැයි 05 වනදා ඇප මත මුදාහැර තිබුණි.
කෙසේවෙතත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ව්‍යාජ ලෙස පුද්ගලයින් ඉදිරිපත් කළ බවට අධිකරණයට කරුණු වාර්තා වීමෙන් අනතුරුව ඔහු යළි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර, එම වරෙන්තුවට අනුව අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබූ දිනම ඔහු මියගොස් තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර ඇත්තන් පත් කෙරේ
Next
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික විමලකීර්ති ශ්‍රී සුමන ගුණරතන නාහිමියෝ අපවත් වෙති

More in Breaking News