මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශද් වර්ගික කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උපාධ්‍යාය පූජ්‍ය ගොමගොඩ විමලකීර්ති ශ්‍රී සුමන ගුණරතන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපවත් වී තිබේ.
අපවත් වන විට උන්වහන්සේ මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලය පුරාණ විහාරය, ගැටඹේ ශ්‍රී සුධර්මාරාමය විහාරය සහ හීපිටිය පුරාණ බෝධිමළු විහාරය යන විහාරත්‍රයාධිපති ධුරයන් ද, මාතලේ ගලේවෙල ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධුරය ද හොබවා ඇත.
අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨතම හිමිනමක වූ උන්වහන්සේ ශාසනික හා සමාජීය වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කළ භික්ෂූන් වහන්සේනමක් ලෙස ගෞරවාදරයට පාත්‍රව සිටියහ.
අපවත් වූ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.




