රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද ගැටුම අවසන් වීමේ දිශාවට ගමන් කරමින් ඇති බවට තමන් විශ්වාස කරන බව රුසියානු ජනාධිපති පුටින් පවසයි.
ඔහු මේ අදහස් පළ කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ සෝවියට් ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් මොස්කව්හි පැවති හමුදා පෙළපාළියකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම මත රුසියාව සහ යුක්‍රේනය අතර දින තුනක සටන් විරාමයක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සටන් විරාමයේ කොටසක් ලෙස දෙපාර්ශවය අතර සිරකරුවන් 1,000 බැගින් හුවමාරු කර ගැනීමටද එකඟතාවකට පැමිණ තිබේ.
කෙසේවෙතත්, යුක්‍රේනයට බටහිර රටවල් ලබාදෙන සහය පිළිබඳව Vladimir Putin විවේචනාත්මක අදහස් පළ කර ඇති අතර, සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් යුක්‍රේන පාර්ශවයෙන් තවමත් නිල දැනුම්දීමක් නොලැබුණු බවද සඳහන් කර ඇත.
එමෙන්ම දිගුකාලීන සාම ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව පමණක් යුක්‍රේන ජනාධිපතිවරයා හමුවීමට සූදානම් බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.




