WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වෛද්‍ය අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට 15 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක්

I
Ishanka Jayasuriya
May 10, 2026 · 2 min read
204 viewsf𝕏W
වෛද්‍ය අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට 15 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක්
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ අරමුණින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාය.
ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ උපායමාර්ග හඳුනාගෙන, ඒ සඳහා පුළුල් ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම ලෙස සඳහන් වෙයි.
කමිටුව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයින් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය නියෝජිතයින් ඇතුළත් කර තිබේ.
එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, ප්‍රමිතීන් සහ අනාගත සෞඛ්‍ය ක්ෂේත්‍ර අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මෙම කමිටුව කටයුතු කිරීමට නියමිතය.

මෙම  කමිටුව පහත සාමාජිකයන්ගෙන් සමන්විත වේ.

1.මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක
උපකුලපති, 
කොළඹ විශ්වවිද්‍යාලය.
(කමිටු සභාපති)

2.මහාචාර්ය ගෝමින්ද පොන්නම්පෙරුම     
තත්ත්ව සහතික කිරීමේ ස්ථාවර කමිටුව, 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව.

3.මහාචාර්ය ආර්. සුරෙන්තිරකුමාරන්     
පීඨාධිපති, 
වෛද්‍ය පීඨය, 
යාපනය විශ්වවිද්‍යාලය.

4.මහාචාර්ය එම්. උමාකාන්ත්             
අංශ ප්‍රධානී, 
සෞඛ්‍ය සේවා විද්‍යා පීඨය, 
නැගෙනහිර විශ්වවිද්‍යාලය.

5.මහාචාර්ය කේ. එන්. මාරඹේ             
අංශ ප්‍රධානී, 
වෛද්‍ය පීඨය, 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

6.වෛද්‍ය සී. එල්. කේ. අතපත්තු     
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.

7.මහාචාර්ය ඒ. ඒ. පතිරණ             
වෛද්‍ය පීඨය, 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

8.වෛද්‍ය පාලිත අබේකෝන්             
උපදේශක, 
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය.

9.මහාචාර්ය එල්. එල්. අමිල ඉසුරු         
අංශ ප්‍රධානී, 
වෛද්‍ය හා ව්‍යවහාරික විද්‍යා පීඨය, 
රජරට විශ්වවිද්‍යාලය.

10.වෛද්‍ය ඉන්දික වන්නිනායක     
 ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (වෛද්‍ය සේවා), 
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.

11.මහාචාර්ය මනුජ් වීරසිංහ             
වෛද්‍ය පීඨය,
 වයඹ විශ්වවිද්‍යාලය.

12.වෛද්‍ය ආනන්ද රත්නායක         
දන්ත වෛද්‍ය විද්‍යා පීඨය,
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

13.වෛද්‍ය සී. කේ. ලියනගේ             
වෛද්‍ය පීඨය, 
කොළඹ විශ්වවිද්‍යාලය
(වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් නියෝජනය)

14.නවෝද්‍ය මාරසිංහ     
වෛද්‍ය පීඨය, 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය 
(වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් නියෝජනය)          

15.ඩබ්ලිව්. ආර්. පී. යූ. නුවන්ති         
සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන), 
අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය.
( කමිටු කඳවුම්කරු)

Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රුසියා - යුක්‍රේන යුද්ධය අවසන් වෙමින් පවතින බව පුටින් කියයි
Next
විජේ තමිල්නාඩු මහඇමති ලෙස දිවුරුම් දෙයි

More in Breaking News