තමිල්නාඩුවේ නව මහඇමතිවරයා ලෙස ජනප්‍රිය නළු විජේ අද දිවුරුම් දුන්නේය.
චෙන්නායිහි පැවති උත්සවයකදී ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු මහඇමති ධුරයේ දිවුරුම් ලබාදුන් අතර, නව අමාත්‍ය මණ්ඩලයද ඉන් අනතුරුව සිය ධුරවල දිවුරුම් දෙනු ලැබීය.
මෙවර ප්‍රාන්ත මැතිවරණයේදී විජේගේ පක්ෂය ජයග්‍රහණය කළද, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය මුලින් හිමිව නොතිබුණි.
කෙසේවෙතත් කොංග්‍රස් පක්ෂය ඇතුළු සන්ධාන පක්ෂ කිහිපයක සහය ලැබීමත් සමග අවශ්‍ය ආසන සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීමට ඔහු සමත් විය.
ඒ අනුව දශක ගණනාවක් පුරා ප්‍රධාන පක්ෂ දෙකක් අතර පැවති තමිල්නාඩු දේශපාලන බලය වෙනස් කරමින් විජේගේ පක්ෂය ප්‍රථම වරට පාලන බලය හිමිකරගෙන තිබේ.




