WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනගේ දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ

I
Ishanka Jayasuriya
May 10, 2026 · 1 min read
193 viewsf𝕏W
කපිල චන්ද්‍රසේනගේ දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල  චන්ද්‍රසේනගේ  මරණය සම්බන්ධයෙන් වන අවසන් නිගමනය රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව නිකුත් කරන බව පොලිසිය පවසයි.
ඒ සඳහා අවශ්‍ය සිරුරු කොටස් මේ වන විට ලබාගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද අධිකරණ වෛද්‍ය කමිටුව විසින් තාවකාලිකව රඳවා තබා තිබේ.
කපිල චන්ද්‍රසේනගේ  සිරුර කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ පිහිටි නිවසක තිබියදී පසුගියදා සොයාගෙන තිබුණි.
මේ අතර ඔහුගේ දේහය මේ වන විට කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති බවද වාර්තා වෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විජේ තමිල්නාඩු මහඇමති ලෙස දිවුරුම් දෙයි
Next
දක්ෂිණ අධිවේගී මාර්ග අනතුරකින් දස දෙනෙකුට තුවාල

More in Breaking News