දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත සහ කසාගල අතර 154 වන කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ සියලු දෙනා මේ වනවිට තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
පානදුර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩල සේවකයින් පිරිසක් රැගෙන කතරගම බලා ගමන් කරමින් තිබූ වැගන් ආර් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් ලොරි රථයද පෙරළී ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.




