ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.
චන්ද්‍රසේන මහතාගේ දේහය පෙරේදා (08) කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදී හමුවී තිබූ අතර, එම මරණය සම්බන්ධ විමර්ශන මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.
ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට සැක පළවීම හේතුවෙන්, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණි.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත එම පරීක්ෂණය ඊයේ (09) කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී සිදුකර ඇති අතර, සිරුරු කොටස් වැඩිදුර රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.




