කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ නවතම කෙටුම්පතට ඉරානය සිය ප්‍රතිචාරය භාරදී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA සඳහන් කළේ, පකිස්තාන මැදිහත්කරුවෙකු මඟින් අද (10) එම ප්‍රතිචාරය අමෙරිකාව වෙත යොමුකර ඇති බවය.
යෝජිත රාමුවට අනුව, දැනට කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීමේ කරුණ පිළිබඳව මූලික අවධානය යොමුකර ඇති බව සඳහන් වුවද, ඉරාන ප්‍රතිචාරයේ සවිස්තරාත්මක කරුණු මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අබ්දුල්ලාහි අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
එහිදී ඉරාන හමුදාව ඕනෑම සතුරු ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය සියලු උපකරණ හා ආයුධවලින් සන්නද්ධව සිටින බව ජෙනරාල් අබ්දුල්ලාහි ප්‍රකාශ කර ඇත.
තවද, සතුරන් විසින් උපායමාර්ගික ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට දැඩි සහ ප්‍රබල ප්‍රතිචාර ලබාදෙන බවටද ඔහු අනතුරු අඟවා තිබේ.
මොජ්තාබා ඛමේනි සිය පියා වූ අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු මාර්තු මාසයේදී උත්තරීතර නායක ධූරයට පත්වූවත්, ඔහුගේ ඡායාරූප හෝ වීඩියෝ කිසිවක් මෙතෙක් රාජ්‍ය මාධ්‍ය මඟින් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.




