2026 මැයි 01 වැනිදා සිට මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ රක්ෂණ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් එක්ව ගත් තීරණයකට අනුව මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන වෙත අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයා විසින් ලබාදී තිබේ.
නව ක්‍රමය අනුව රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා ඩිජිටල් රක්ෂණ කාඩ්පත, රක්ෂණ හිමියාගේ ඉල්ලීම මත නිකුත් කරන මුද්‍රිත සහතිකය සහ ජංගම දුරකථන යෙදුමක් හරහා ප්‍රවේශය යන ක්‍රම තුන හඳුන්වා දී ඇත.
මෙයට සමගාමීව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතියද හඳුන්වා දී ඇති අතර, *1338# USSD සේවාව, 1338 SMS සේවාව හෝ 1338 ඇමතුම් සේවාව ඔස්සේ ඕනෑම රක්ෂණයක වලංගුභාවය නොමිලේ පරීක්ෂා කළ හැකි බව සඳහන් වේ.
වාහන අංකය ඇතුළත් කිරීමේදී WP-1234 ආකාරයට කෙටි ඉර (-) යෙදිය යුතු අතර, හිස්තැන් භාවිතා නොකළ යුතු බවද පොලීසිය දැනුම් දෙයි.
දැනට නිකුත් කර ඇති සාමාන්‍ය රක්ෂණ සහතික ඒවායේ වලංගු කාලය අවසන් වන තෙක් වලංගුව පවතින අතර, අවශ්‍ය අවස්ථාවලදී ඩිජිටල් කාඩ්පතේ මුද්‍රිත පිටපතක්ද ඉදිරිපත් කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.




