WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

Met Gala වේදිකාවේ භවිතාගේ සරල විලාසිතාව දැඩි කතාබහට

I
Ishanka Jayasuriya
May 10, 2026 · 2 min read
237 viewsf𝕏W
Met Gala වේදිකාවේ භවිතාගේ සරල විලාසිතාව දැඩි කතාබහට
Add captionමෙවර Met Gala විලාසිතා දැක්මට සහභාගී වූ ඉන්දීය නිරූපිකා භවිතා මන්ඩවාගේ ඇඳුම් විලාසිතාව ලෝක විලාසිතා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
අතිශය දැවැන්ත හා විසිතුරු ඇඳුම්වලින් පිරුණු Met Gala වේදිකාවේ, ඇය පෙනී සිටියේ සරල ජැකට්ටුවක් සහ ඩෙනිම් කලිසමකට සමාන ඇඳුමකිනි.
කෙසේ වෙතත්, පසුව අනාවරණය වූයේ එම ඇඳුම සැබෑ ඩෙනිම් රෙද්දකින් නොව, ඩෙනිම් මෙන් මුද්‍රණය කළ ඉතා සියුම් සීල්ක් මස්ලින් රෙද්දකින් නිමවා ඇති Chanel සන්නාමයේ විශේෂ නිර්මාණයක් බවය.
ඇගේ මෙම සරල පෙනුම ඇතැම් පිරිස් අගය කළේ Met Gala හි අතිරික්ත ප්‍රදර්ශනකාමීත්වයට එල්ල කළ නිහඬ ප්‍රතිචාරයක් ලෙසිනි.
එහෙත් තවත් පිරිසක් චෝදනා කළේ, ඉන්දියාව වැනි සංස්කෘතික බලවත් රටක් නියෝජනය කරන අවස්ථාවක මෙවැනි සරල ඇඳුමක් තෝරා ගැනීම එම වේදිකාවේ වැදගත්කම අවම කළ බවයි.
විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඇයගේ පෙනුම “ගෝලීය වේදිකාවේ ඉන්දීය නියෝජනය පහත් කිරීමක්” ලෙසද විවේචනයට ලක්ව තිබුණි.
26 හැවිරිදි භවිතා මන්ඩවා හයිද්‍රාබාද්හි උපත ලැබූ අතර, 2024දී නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අහඹු ලෙස නිරූපණ ක්ෂේත්‍රයට පිවිසියාය.
නිව්යෝර්ක් දුම්රිය ස්ථානයකදී විලාසිතා නියෝජිතයෙකුගේ අවධානයට ලක්වීමෙන් ඇගේ ජීවිතය වෙනස් වූ අතර, වසර දෙකක් තුළ Bottega Veneta, Dior සහ Chanel වැනි ලොව ප්‍රමුඛතම සන්නාමයන්හි නිරූපිකාවක් බවට ඇය පත්ව තිබේ.
භවිතා පවසන්නේ Met Gala හි ඇය ඇඳ සිටි ඇඳුම තමන් මුල්වරට හඳුනාගත් අවස්ථාවේ ඇඳ සිටි සරල පෙනුම සිහිපත් කරන නිර්මාණයක් බවයි.
විවේචන මධ්‍යයේ වුවද, ඇය මේ වනවිට “ස්වාභාවික සරල සුන්දරත්වයේ” නව සංකේතයක් ලෙස ගෝලීය විලාසිතා ලෝකයේ අවධානය දිනාගෙන සිටී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකා ප්‍රතිසංස්කරණයට ඉන්දීය ඩොලර් මිලියන 450ක්
Next
දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

More in Breaking News