WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

I
Ishanka Jayasuriya
May 11, 2026 · 1 min read
175 viewsf𝕏W
දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීම අද (11) රාත්‍රී 9.00 දක්වා බලපැවැත්වෙන බවයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ සහ රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල යන ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.
අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර, අධික වර්ෂාව සමඟ පස් කඳු ඉරිතැලීම්, ගල් පෙරළීම් හෝ පස් කඳු කඩා වැටීම් පිළිබඳ සැලකිලිමත් වන ලෙසද උපදෙස් ලබාදී තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
Met Gala වේදිකාවේ භවිතාගේ සරල විලාසිතාව දැඩි කතාබහට
Next
‘බටුවත්තේ චාමර’ දිවයිනට රැගෙන එයි

More in Breaking News