සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින මනෝජ් සුරංග නොහොත් “බටුවත්තේ චාමර” ඊයෙ (10) රාත්‍රී දිවයිනට රැගෙනවිත් තිබේ.
අසර්බයිජාන් රාජ්‍යයේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට ගෙන සිටි ඔහු, පසුව මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට රැගෙන ආ බව වාර්තා වේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාරදීමට නියමිත බවද සඳහන්.




