WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී ලාංකිකයින්ගෙන් 84%ක් ඇස් දන්දීමට කැමැත්ත පළකරයි

I
Ishanka Jayasuriya
May 11, 2026 · 1 min read
152 viewsf𝕏W
ශ්‍රී ලාංකිකයින්ගෙන් 84%ක් ඇස් දන්දීමට කැමැත්ත පළකරයි
මෙරට ජනතාවගෙන් සියයට 84ක පිරිසක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගතවූ වසර 15ක කාලය තුළ අක්ෂි කුණිත 17,000ක් ලබාගෙන ඇති අතර, ඉන් රෝගීන් 12,000 දෙනෙකුට සාර්ථකව බද්ධ කිරීම් සිදුකර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
එමෙන්ම විදේශ රටවල ඉල්ලීම් අනුව අක්ෂි කුණිත 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති බවද වාර්තා වේ.
ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි මෙම අක්ෂි බැංකුවට සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් විශේෂ ඉල්ලුමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
‘බටුවත්තේ චාමර’ දිවයිනට රැගෙන එයි
Next
වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඇදවැටී මරුට

More in Breaking News